ප්‍රවාහන වෛද්‍ය සහතිකයට ප්‍රාදේශීය ඒකක 03ක්

ජන 06, 2020

    රියදුරු බලපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තා ලබාදිමට අලුතින් ප්‍රාදේශීය ඒකක 03ක් පිහිටුවිමට ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දි තිබේ.

    රියදුරු බලපත් සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තා ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනයෙන් ලබා ගැනීමේ දී පවතින තදබදය වැළැක්වීමට සුදුසු විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් ලබා දී තිබුනි.

    වෛද්‍ය සහතික ලබා ගැනීමට වැඩිම පිරිසක් කොළඹින් බැහැර ප්‍රදේශවලින් පැමිණේ. ඔවුන්ගේ පහසුව සඳහා මෙම ප්‍රාදේශීය කාර්යාල තුන අලුතින් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත.

    ඒ අනුව රත්නපුර, බණ්ඩාරවෙල, නුවරඑළිය වැනි ප්‍රදේශවල සිටින ජනතාවට පහසුවන පිණිස එක් කාර්යාලයක් අවිස්සාවේල්ල ද, උතුරු හා නැගෙනහිර මෙන්ම උතුරු මැද පළාතේ ජනතාව සඳහා උප කාර්යාලයක් දඹුල්ල ප්‍රදේශයේ ද, වයඹ, ගම්පහ, හා ඊට ආසන්න වෙනත් ප්‍රදේශවල ජනතාව සඳහා මීගමුවේ ද උපකාර්යාලයක් පිහිටුවීමට ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය විසින් තීරණය කර තිබේ.

    අමාත්‍ය අමරවීර විසින් මෙම ඒකක පිහිටුවීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නිළධාරින්ට උපදෙස් දී ඇත. රියදුරු බලපත්‍ර මුද්‍රණය කර නිකුත් කිරීමේ පහසුකම් සහිත කාර්යාලයක් අනුරාධපුරයේ ස්ථාපිත කිරීමට ද පියවර ගන්නා ලෙස ඔහු උපදෙස් දී තිබේ.
    රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා විශාල මුදලක් සහ කාලය වැය කරමින් කොළඹට පැමිණිම මගහැරවිම මෙ මගින් සිදුවේ. එමගින් උතුරුමැද, උතුර, නැගෙනහිර ජනතාවට මෙම සහනය හිමිවේ.

    Latest News