ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ශ්‍රී ලංකා පදනම අතර ගිවිසුම් කිහිපයක්

දෙසැ 06, 2018

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ශ්‍රී ලංකා පදනම අද ගිවිසුම් කිහිපයකට එළැඹිණ.

    අධ්‍යාපන, පුහුණු හා සේවා පහසුකම් හුවමාරුව අරමුණයි. ගිවිසුම් අත්සන් කිරීම රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ දී සිදු කෙරිණ. පුහුණු හා පහසුකම් හුවමාරු කිරීමේ අවබෝධතා ගිවිසුමට රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් අත්සන් තැබුවේ, අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරත්න මහතායි. ශ්‍රී ලංකා පදනම වෙනුවෙන් එහි සභාපති සහ රූපවාහිනී සංස්ථාවේ වැඩබලන සභාපති නීතිඥ සරත් කොන්ගහගේ මහතා අත්සන් තැබීය.


    ශ්‍රී ලංකා පදනමේ සංකල්පයක් වන “එස්.එල්.එෆ්.ඊ. ගේට්“ මාර්ගස්ථ මෘදුකාංග භාවිත කරමින් රූපවාහිනිය නරඹන, විශේෂයෙන් හඳුනාගත් ග්‍රාහකයින්ගේ දැනුම ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම, නවෝත්පාදන සහ පුහුණු පැවැත්වීම විකාශය කිරීම හා ඊට මාධ්‍ය ප්‍රචාරය ලබාදීම අරමුණෙන්, තවත් ගිවිසුමකට අත්සන් තැබිණ. ඒ වසරක කාලසීමාවක් සඳහායි. රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරත්න සහ ශ්‍රී ලංකා පදනමේ මූල්‍ය හා පාලන අධ්‍යක්‍ෂිකා ප්‍රිමාලි විජේවීර යන මහත්ම මහත්මීහු එම ගිවිසුමට අත්සන් තැබූහ.

    Latest News