ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේද්නය කරයි.

ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ ඌව ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අද දින උතුරු, නැගෙනහිර,උතුරු-මැද,වයඹ සහඌව පළාත්වලත් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද කාලගුණය

ජූනි 29, 2024

අද දිනයේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද ප්‍රදේශවල පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි

"බුරවි" සුළි කුණාටුව මන්නාරම්,බොක්කේ සිට කිලෝමීටර 145ක් බටහිර දෙසින් තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය තවදුරටත් දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වන අතර එමගින් වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

නල්ලතන්නිය, මොහිණි ඇල්ල අසල පස් කන්දක් අද උදෑසන 9.00ට පමණ ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබේ.

“බුරවි” සුළි කුණාටුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ප්‍රදේශයන්හි ජනතාව වෙත ආපදා සහන සැලසීම සඳහා යුධ හමුදා සහ නාවික හමුදාව සහය දක්වමින් සිටියි.

Latest News