කාලගුණයේ වෙනසක්

අප්‍රේ 22, 2023

    නැගෙනහිර, ඌව, උතුරු - මැද සහ සබරගමුව පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක වැසි ද ඇතිවිය හැක.

    සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

    Latest News