බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා වන තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (13) දිනයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම, ඊසානදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් ධීවරයින්ට ආරක්ෂිත පියවර අනුගමන කරන්නැයි, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අයහපත් කාලගුණ තත්වයෙන් හේතුවෙන් පුද්ගලයින් 51,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණයත් සමඟ වාකරේ - පනිච්චන්කේර්නි ප්‍රදේශයේ සෝදිසි හා මුදාගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනූව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හිඟුරක්ගොඩ සිට පිටත්කර යවා තිබේ.

දිවයිනේ උතුරු අර්ධයේ දැනට පවතින තද වැසි තත්ත්වය හෙට (11) සිට තරමක් දුරට අඩුවන ලකුණු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

Latest News