‍‍මේ වසරේ දෙසැම්බර් මාසයේ පමණක්, මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්‍ෂ දෙකේ සීමාව ඉක්මවූ බව, සංචාරක අමාත්‍යාංශය පවසනවා.

Lot Polish Airlines හි "Charter" ගුවන් ගමන් මෙහෙයුම් මාලාවේ පළමු "Charter" ගුවන් ගමන අද දින, එනම් 2023 ඔක්තෝබර් මස 25 වන දින උදෑසන චෙක් ජනරජයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ලගා විය.

ජනවාරි 21 දින සිට රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ගතවූ කාලය තුල සංචාරකයෝ 3820ක් දිවයිනට පැ‍මිණියහ. ඔවුන්ගෙන් වැඩිම පිරිස පැමිණ ඇත්තේ යුක්රේනයෙනි. එම සංඛ්‍යාව 1374කි. කසකස්ථානයේ සංචාරකයන් 526ක් මේ වනවිට පැමිණ තිබේ. ඊළඟට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ගණන 443කි.

කරුණු 35ක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුතු බව, දෙස් විදෙස් සංචාරක වෙබ් අඩවි කිහිපයක් මත පළ කොට තිබේ.

ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමෙන් වසර 9කට පසු විදෙස් රටක් ලෙස ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක් සඳහා පකිස්ථානයට ඊයේ ළඟාවිය.

ශ්‍රී ලංකාව වඩාත් ආරක්‍ෂිත රටක් බව, ලොව ප්‍රකට සී.එන්.එන් මාධ්‍ය ජාලයේ ව්‍යාපාරික පුවත් සංස්කාරවරයෙකු වන මාධ්‍යවේදී රිචඩ් ක්වෙස්ට් පවසයි.

ශ්‍රි ලංකාව සංචාරය කිරිමට සුදුසු රටක් බව ලෝකයට පැවසිමට කින්ග්ස්වුඩ් විදුහලේ ආදි සිසුන් දෙදනෙක් පෙදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පාපැදි සවාරියක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවුම් දිශාවක් කරා යොමු කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සූදානම් වේ. ඒ අනුව අන්තර්ජාතික ත්‍රාසජනක ක්‍රීඩා සැණකෙළියක් වන ත්‍රාසජනක තරග ලෝක ශූරතාවලිය (Adventure Racing World Championship) ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

2019 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත් සුදුසුම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

Latest News