ඉන්දීය සාගරයේ මුතුඇටයක් බදු මෙම දිවයිනේ සංස්කෘතික හා භූ විද්‍යාත්මක පිහිටීම අනූව සංචාරක ආකර්ශනයට ඉහළ ස්ථානයක් ලැබෙන බවයි, ඒවායේ සඳහන් වන්නේ. අවුරුද්ද පුරා හොඳන් හිරු එළිය ලැබෙන ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27යි 30යි අතර පැවතීම, විශේෂයෙන්ම යුරෝපීය සංචාරකයන්ට වැදගත් වන බව එහි සඳහන්. එමෙන්ම, නුවරඑළිය ප්‍රදේශයේ උෂ්ණත්වය සාමාන්‍යයක් ලෙස සෙල්සියස් අංශක 16 පැවතීම ද ඒවායේ සඳහන්. අධි සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ වන සතුන් පුරා විද්‍යාත්මක ස්ථාන, සුන්දර වෙරළ තිර, මහනුවර ඇසළ මංගල්‍යය හා බැඳුණු සංස්කෘතික, ආහාර පාන, දියමත ලිස්සා යාමේ තරග, වනගත ත්‍රාසජනක ක්‍රියා, මනරම් දර්ශන සහිත භූමිය, නිල් තල්මසුන් නැරඹීම වැනි කරුණු ගණනාවක් එහි විශේෂතා ලෙස දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ සිංහරාජ වනය ඉතා වැදගත් වන අතර, එහි සඳහන් වන්නේ ජාතික වනෝද්‍යාන 26ක් නම් කොට ඇති බවයි. උඩරට කඳුකරයේ තේ වගාව සහ හෝට්න්තැන්න ද එහි අවධානයට ලක්වූ ප්‍රදේශ කිහිපයක්.
ශ්‍රී ලංකාව මැණික් කර්මාන්තයට ඉහමහත් ප්‍රසිද්ධියක් දක්වන බැවින්, සංචාරකයින් රත්නපුරයට ද යායුතු බවයි, එහි සඳහන් වන්නේ. යෝගා ප්‍රතිකර්ම හා භාවනා ක්‍රම, මුහුද යට කිමිදීමට ඇති අවස්ථාව, මනරම් කොරල්පර, ආහාර පාන සැකසීමේ අත්දැකීම් ලබා ගැනීම, වායු බැලූන් ආධාරයෙන් ඉහළ අහසේ පියාසර කිරීම, දිය ඇලි 400ක පමණ අද්දැකීම් විදගැනීමට අවස්ථාව උදාවීම, එමෙන්ම ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමේ අද්දැකීම් ලබා ගැනීම, අසිරිමත් ශ්‍රී ලංකාව වටා පාපැදිවලින් ගමන් කිරීමට අවස්ථාව උදාවීම සහ උඩරට කඳුකරයේ නිම්න මැදින් මෙන්ම අනෙකුත් ප්‍රදේශවල දුම්රිය ඔස්සේ ප්‍රවාහනය සිදු කිරීමට හැකි වීම එහි විශේෂ ක්‍රියාකාරකම් ලෙස දක්වා තිබේ. දේශීය වෛද්‍යක්‍රම,ආදිවාසී ජනතාව,සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වැනි අංශ කෙරෙහි ද එම වෙබ් අඩවි තම අවධානය යොමු කර තිබේ.