ශ්‍රි ලංකාව ගැන ලෝකයට කියන්න පෙදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව පාපැදියෙන් (ඡායාරූප)

අගෝ 13, 2019

    ශ්‍රි ලංකාව සංචාරය කිරිමට සුදුසු රටක් බව ලෝකයට පැවසිමට කින්ග්ස්වුඩ් විදුහලේ ආදි සිසුන් දෙදනෙක් පෙදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පාපැදි සවාරියක් ආරම්භ කර තිබේ.

    යසිත් විරසුන්දර (20) සහ චමිදු ආධිත්‍ය (20) මෙම ආදි සිසුන් දෙදෙනා ඉකුත් 8 වෙනිදා කිලිනොච්චියෙන් ගමන් ආරම්භ කර කිලෝමිටර 400 දුරක් ගෙවා අද (13) දින නාවලපිටිය නගරයට පැමිණියා.

    නාවලපිටිය දුම්රිය ස්ථානයේදි එම තරුණයන් දෙදෙනාව දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු එහි කාර්ය මණ්ඩලය සහ නාවලපිටිය නගරයේ තරුණයන් පිරිසක් විසින් පිලිගැනු ලැබිණ.

    pointdedrutour1 px 900 19 0

    pointdedrutour2 px 900 19 0

    අනතුරුව චමිදු ආධිත්‍ය මෙසේ අදහස් පල කලා. අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ රටේ සංචාරක කර්මාන්තය සම්පුර්ණයෙන්ම කඩා වැටුණා. ලෝකයේ ගොඩාක් රටවල සංචාරකයන්ට එම රටවලින් දැනුම් දිලා තියෙනවා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්ඩ එපා කියලා. අද රටේ ආරක්ෂාව මේ වන විට හොදටම තහවුරු වෙලා තියෙනවා, එ නිසා තමයි යලිත් අපේ රට සංචාරය කිරිමට සුදුසු රටක් බවට ලෝකයා හමුවේ පැවසිමට අපි දෙන්නා මෙවැනි පාපැදි සවාරියක් ආරම්භ කළේ.

    අව්ස්සාවේල්ල, රත්නපුර, ඇඹිලිපිටියි හරහා පාපැදියෙන් ගමන් කර ලබන 16 වෙනිදා ඔවුන් සිය ගමනාන්තය අවසන් කිරිමට සැලසුම් කරගෙන සිටි.

    pointdedrutour3 px 900 19 0

    චමිදු ආධිත්‍ය රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය සදහා සුදුසුකම් ලබා ඇති අතර යසිත් විරසුන්දර විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක් හදාරමින් සිටියි. මෙම තරුණයන් දෙදෙනාගේ සිය අභිප්‍රාය සාර්ථක කර ගැනිමට ඔවුන්ගේ දෙමාපියන් සහ මිතුරන් පිරිසක් සහයෝගයට එක්වි සිටිති.

    Latest News