සමාජ මාධ්‍යවල සාවද්‍ය ප්‍රකාශ ගැන ජනපතිගෙන් නිවේදනයක්

අප්‍රේ 03, 2020

    මේ දිනවල රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ ලෙස සකස් කරන ලද පණිවිඩ හුවමාරු වෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

    මේ හේතුවෙන් විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටින්නේ.

    එම නිසා සිදුකරනු ලබන නිවේදන හෝ ප්‍රකාශ සිය නිල වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය හරහා පමණක් ප්‍රකාශයට පත් කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

    91973807 2841120479337976 2367079398789611520 n

     

     

    Last modified on සිකුරාදා, 03 අප්‍රේල් 2020 11:19

    Latest News