මේජර් අජිත් 11ක් අතුරුදහන් කිරිම ගැන මාධ්‍ය හමුවක් තැබිම දඬුවම් ලැබිය යුතු වරදක්.... කොටුව මහේස්ත්‍රාත්

දෙසැ 10, 2019

    2008 – 2009 කාලෙය්දී තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේජර් අජිත් ප්‍රසන්න මාධ්‍ය හමුවක් පැවැත්වීම ආණුඩුක්‍රම ව්‍යවස්ථාව, අධිකරණ සංවිධාන පනත ඇතුලු පනත් මගින් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇතැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (10) ප්‍රකාශ කළේය.

    එම සිද්ධියට අදාළව පැවැත්වූ මාධ්‍ය හමුවේ සිඩි තැටි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට යොමු කරන ලෙස නියෝග කළේය. එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට මහේස්ත්‍රත් විසින් නියම කෙරිණ.

    මෙම සිද්ධියට ඇප ලබා සිටිමින් එම මාධ්‍ය හමුවට ඉදිරිපත් වී අදහස් ප්‍රකාශ කළ ලක්ෂ්මන් උදය කුමාර සහ කස්තුරිගේ ගාමිණි යන සැකකරුවන් දෙදෙනා ඇප කොන්දේසි කඩ කළ ඇති බව මහේස්ත්‍රාත්වරයා නිගමනය කළේය. මෙම මාධ්‍ය හමුවේදී පූර්වාගිමි විනිසුරුවරිය තමන් සහ නියෝග ලබා දුන් විනිසුරුවරුන් බලපෑම් මත නියෝග ලබා දුන් බවට මත පළ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති බවත් එම කරුණූ ප්‍රකාශ කිරිමට නිතිමය බලයක් අජිත් ප්‍රසන්න නැති බව ප්‍රකාශ කියා සිටියේය.

    මෝසමක් ගොනු කරමින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නිතිඥ අචලා සෙනෙවිරත්න මෙනවිය අධිකරණයට කරුණූ දැක්වූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේය.

    Latest News