ඇමරිකානු එක්සත් ජනපදය සමඟ millennium challenge corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම්වලට එළඹීම වලක්වන තහනම් නියෝගයක් රජය වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුලක් නම් කෙරේ.

මාකදුරේ මධුෂ් රඳවා ප්‍රශ්න කිරීම ගැන මානව හිමිකම් කොමිසමට දැනුම් නොදුන් බව කියන සිද්ධියට අදාළව CIDහි ASP ඉන්දික ලොකුහෙට්ටිට දෙසැම්බර් මස 20 අධිකරණයේ පෙනි සිටිමට නොතිසි නිකුත් කරයි.

පාස්කු ඉරුදින එල්ලකරනු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය පැහැර හැර සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු 19 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කෙරිණ.

ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී .අයි. පයිප්ප බට මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ජනවාරි මස 20 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන පෙබරවාරි මස 24 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළේය.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ මුදල් තැන්පත් කර එම මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම සදහා වු යෝජනාවලියක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.33 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 36 හැවිරිදි එක්දරු මවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළාය.

මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මස 16 වන දා දක්වා තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර්.කන්සල්ටන්සි නැමති සමාගම ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට සැකකෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ලබන පෙබරවාරි මස 27 වන දා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Latest News