පොහොට්ටුවට උතුරේ ඡන්ද නැතිවුණේ පක්ෂයේ වැරැද්දෙන්...රෝහිත

දෙසැ 10, 2019

    පසුගිය ජනාධිපතිවරණයේ උතුරේ ඡන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබීම යනු එම පක්ෂය විසින්ම කරගත් වැරදි නිසා සිදුවූ දෙයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පවසයි.

    තම පක්ෂය උතුරේ ජනතාවගේ අවශ්‍යතාවන් හඳුනාගෙන නොමැති බව පැවසූ ඒ මහතා ඔවුන්ගේ සිත් දිනාගැනීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගත යුතු බවයි අවධාරණය කළේ.

    "අපට උතුරේ කවුරුත් ඡන්දෙ දුන්නෙ නෑනෙ. හැබැයි ඡන්දෙ දුන්නෙ නෑ කියන්නෙ ඒ උතුරේ ඉන්න මිනිස්සුන්ගෙ වැරැද්ද නෙවෙයි. මේ අපිම කරගත්ත දෙයක්. අපි උතුරේ ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය දේ හඳුනාගෙන නෑ. එතකොට අපි දැනගන්න ඕනේ උතුරේ ජනතාවගේ අවශ්‍යතාවන් මොනවද, මොනවද මේ කට්ටියට දෙන්න ඕනේ, මේ කට්ටියගේ හිත් දිනාගන්න කියන එක."

    රෝහිත රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෞද්ගලික එෆ්.එම් නාලිකාවේ ඊයේ (09) පැවති වැඩසටහනකට එක් වෙමින්.

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 12:03

    Latest News