අමෙරිකාවේ කොරෝනා දෛනික ආසාදිතයන් සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි. මේ වසරේ දෛනික අඩුම රෝගීන් සංඛ්‍යාව දැනට වාර්තා වී ඇත්තේ, ඊයේ දිනයි. 89,691 දෙනෙක් ‍එම පිරිසට අයත්.

මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 62,594ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 28 දෙනෙක් කොරෝනා ආසාධිතයන් බවට හදුනා ගැනිමෙන්පසු එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙරට සුවය ලැබු සමස්තය 56,277ක් දක්වා ඉහළ ගොස් ඇති සෞඛ්‍ය අංශ පවසයි. ඒ අද (30) දිනයේ දී ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමගයි.

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 859 දෙනෙක් හඳුනා ගෙන තිබේ. වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ,කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 313ක්.

තවත් ආසාදිතයින් 963ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

කොරෝනා වෛරසයට සාර්ථකව ප්‍රතිචාර දක්වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත්ව තිබේ. මේ බව දැක්වෙන්නේ,ඔස්ට්‍රේලියාවේ ලෝවි ආයතනය නිකුත් කළ වාර්තාවකයි. රටවල් 98ක් අතුරින් මෙම රටවල් තෝරාගෙන තිබේ.

හෝමාගම ප්‍රදේශයේ විවාහ උත්සව දෙකක මනාල යුවල දෙකකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසයි.

කරවනැල්ල මූලික රෝහලේ කොවිඩ් ආසාධිත ගණන 5 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට නිරෝධායනය කර ඇති වෛද්‍යවරුන් ගණන 18ක්.

අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 724 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 197 ක් ලෙසය. ඊට අමතරව, නුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 311 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

Latest News