ඊයේ ආසාදිතයින් 724ක්..මරණ 2ක්

ජන 24, 2021

    අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 724 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 197 ක් ලෙසය. ඊට අමතරව, නුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 311 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    මේ වන විට කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 53,688 වේ. ඉන් පුද්ගලයින් 44,104 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    ඒ අනූව මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 57,586 ක් වන අතර ඉන් පුද්ගලයින් 49,260 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද (24) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 8,046 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 644ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 02 දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් ගල්කිස්ස සහ රණාල යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද (24) දිනයේ දී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 91ක් තුළ පුද්ගලයින් 8,117 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (23) දිනය තුල PCR පරික්ෂයණ 18,515 ක් සිදුකර ඇත.

    Latest News