කොවිඩ් ආසාදිතයින් 354ක් අද (30) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පසුගියදා (28) මෙරටට යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයින් 108 දෙනාගෙන් තිදෙනෙක්ට කොවිඩ් ආසාධනය වීඇති බව තහවුරු වී තිබේ.

කොළඹ - කොටුව, ගාලූමුවදොර ප‍්‍රදේශය ආවරණය වන පරිදි අහඹු ලෙස සිදුකළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොරෝනා වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 09 දෙනෙක් හඳුනාගෙන තිබේ.

පාදුක්ක,ගලගෙදර නැගෙනහිර ග්‍රාමසේවා වසම අද දිනයේ සිට හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර තිබේ.

මෙරටින් තවත් කොරෝනා මරණයක් ඊයේ (30) වාර්තා විය. ඒ අනූව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 195ක්.

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙක් හඳුනාගෙන තිබේ.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිතවූවන් හය දෙනෙක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

දකුණු පළාතෙන් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 9 දෙ‍නෙක් මේ වන විට එම පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 883ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 32,051ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3084 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බෙව කොවිඩ් -19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Latest News