කරවනැල්ල රෝහලේ ආසාදිතයින් ගණන 5ක්

ජන 24, 2021

    කරවනැල්ල මූලික රෝහලේ කොවිඩ් ආසාධිත ගණන 5 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට නිරෝධායනය කර ඇති වෛද්‍යවරුන් ගණන 18ක්.

    හෙදියන් 8 දෙනෙක් නිරෝධායනය කර තිබුණ ද මේ වන විට රෝහලේ සියළු වාට්ටු සාමාන්‍ය පරිදි විවෘතව ඇති බව රෝහලේ වෛද්‍ය අධිකාරි අසේල පෙරේරා මහතා පවසයි.

    එසේම, කොවිඩ් ආසාදිතයැයි සැක කෙරෙන රෝගීන් සඳහා ද වෙනම වාට්ටුවක් වෙන් කර ඇති අතර රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ කටයුතු සහ සායනික කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු කෙරේ.

    Latest News