අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 670 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 214 ක් ලෙසයි.

අද (13) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 49,539ක් වන අතර ඉන් පුද්ගලයින් 42,620ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (13) උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 588 දෙනෙකු හඳුනාගෙන ඇත.

දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 64 දෙනෙක් වාර්තා වී තිබේ.

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර සමග සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනානාදු මහතා පවසයි.

අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 569 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ලෙස වාර්ථා වේ.

තවත් 766කට සුවයි

අප්‍රේ 29, 2024

අද දින කොවිඩ් ආසාදිතයින් 766ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව බව සෞඛ්‍ය අංශ පවසයි.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පාර්ලිමේන්තු මාධ්‍ය අංශ පවසයි.

බ්‍රිතාන්‍ය තුළ වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ මරණ 88 දහස ඉක්මවා ගොස් තිබේ. පසුගිය පැය 48 තුළ පමණක් වෛරසය හේතුවෙන් පුද්ගලයින් 1,598 දෙනෙක් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ගෝලීය ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙන්ම කොරෝන මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතියි. අද වන විට කොරෝනා මරණ ලක්ෂ තුන ඉක්මවූ එක් රටක්, ලක්ෂ දෙක ඉක්මවූ රටවල් 2ක් සහ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් 4ක් වාර්තා වී තිබේ.

Latest News