කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 313ක්:74ක් ගොතටුවෙන්

ජන 30, 2021

    ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 859 දෙනෙක් හඳුනා ගෙන තිබේ. වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ,කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 313ක්.

    කොළඹ කොටුව ප්‍රදේශයෙන් 60ක්, කොළඹ නගර සභා සීමාවෙන් 16ක්, දෙහිවල 17ක්, ගොතටුව 74ක් හඳුනා ගෙන ඇත.

    බොරැල්ල - කොටහේන - අලුත්කඩේ - යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 08 දෙනා බැගින් සහ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 09 දෙනෙක් ඊයේ දිනයේදී වාර්තා වී ඇත.

    ගම්පහ දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 212ක්. රාගම ප්‍රදේශයෙන් 16ක්, කඩවත 14ක්, කැලණිය 10ක්, දුනගල්පිටිය 14ක් දොම්පේ 06ක් ලෙස ඊයේ දිනයේ දී ආසාදිතයින් වාර්තා වී ඇත.

    මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78ක්, කුරුණෑගල 79ක්, මහනුවර 05ක්, ගාල්ල 17, අම්පාර 22, මාතර 20ක්, නුවරඑළිය 02ක්, හම්බන්තොට 01ක්, පොළොන්නරුව 04, මාතලේ 11, පුත්තලම 47, මඩකලපුව 01, කෑගල්ල 19, රත්නපුර 09ක් සහ අනුරාධපුරයෙන් ආසාදිතයින් 20ක් ඊයේ දිනයේ දී හඳුනාගෙන තිබේ.

    Latest News