කොරෝනා මෘතදේහ භූමදාන මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කෙරුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේළ ගුණවර්ධන මහතා පවසයි. මරණ භූමදානයට අවස්ථාව ලැබෙන්නේ , අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසුවයි.

මෙරට සමස්ත කොවිඩ් 19 මරණ 453ක් ලෙස ඉහළ ගොස් තිබේ.

කොවිඩ් 19 රෝගය වැළඳුනු තවත් 518 දෙනෙක් ඊයේ හඳුනා ගැනිණ. ඉන් 487 දෙනෙක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූවන්.

මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 514 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 13 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 501 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ.

කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට 24 ලක්ෂ 40,000කට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් මියගොස් තිබේ. දෛනිකව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව පහත වැටී ඇතත් ගතවූ පැය 24 තුළ දී ගෝලීය වශයෙන් 11,000කට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් වෛරසයෙන් මිය ගියේය.

කොවිඩ් එන්නත ලබාදුන් ප්‍රදේශවල එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එළඹෙන සතිඅන්තයේ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ලබන 26 වැනිදායින් ආරම්භ වන දීර්ඝ සතිඅන්ත නිවාඩුවේ දී වඩාත් විමසිල්ලෙන් සහ කල්පනාකාරීව කටයුතු කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට දස කෝටි අනූ හය ලක්ෂය ඉක්මවා තිබේ.

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 802ක්.

අද උදෑසන වන විට ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 802 දෙනෙක් හඳුනාගෙන තිබේ.

Latest News