ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 367 දෙනෙක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොළඹ නගරය ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය මේ වන විට වැඩිවී ඇති බවත් පසුගිය කාලය පුරාවට 2% ප්‍රමාණයකට තිබූ එය මේ වන විට 8% දක්වා ඉහළ නැග ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කරයි.

ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 14 කෝටි 5 ලක්ෂ 23,000 ඉක්මවා තිබේ.

ගෝලීය කොරෝනා වසංගතයෙන් අද වන විට මියගොස් ඇති පිරිස තිස් ලක්ෂයකට ආසන්න වී තිබේ.

දෛනිකව කොරෝනා ආසාදිතයන් එක් ලක්ෂ 50,000කට අධික සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. 

ලතින් අමෙරිකානු කලාපයේ බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 4,211ක් සිදුව තිබේ.

තවත් කොරෝනා ආසාදිතයින් 177 දෙනෙකු මෙරටින් ඊයේ හඳුනා ගැනිණ.

ලොව වැඩිම දෛනික කොරෝනා රෝගීන් වාර්තා වන ඉන්දියාවේ ගතවූ පැය විසි හතරේ දී ආසාදිතයන් 96,557 දෙනෙක් හඳුනාගැනිණ.

අද (03) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 211 දෙනෙකු හඳුනාගෙන ඇත.

Latest News