ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ එක් දිස්ත්‍රික්කයක පමණක් ගතවූ මාසය තුළ දරුවන් අට දහසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ, වසංගතය පාලනයට නව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා තිබේ.

පීසීආර් පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිත බවට හඳුනා ගන්නා නමුත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් සඳහා ඔවුන්ගේ නිවාස තුළම රඳවා ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශ  තීරණය කර තිබේ.

කොවිඩ්-19 රෝගයෙන් බැටකන ඉන්දියානු ජනතාව මේ වන විට තවත් දිලීර ආසාදනයකින් ද පීඩා විදිමින් සිටියි. ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයින්ට ද මෙම දිලීරය බලපා ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇති බව 'කොවිඩ් -19' පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 1914ක් හඳුනා ගැනුණ අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 542 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද උදෑසන වන විට (29) වාර්තා වී තිබේ.

තවත් කොරෝනා මරණ 8 ක් ඊයේ (27) දිනය තුළ තහවුරු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරයි.

කොරෝනා වෛරසය නැවතත් පැතිරයාමේ අවදානමක් පවතින බැවින් එය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණය කර තිබේ.

ගතවූ පැය 24 තුල මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 578 දෙනෙකු මෙරටින් හඳුනා ගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Latest News