මෙරටින් තවත් කොවිඩ් මරණ 07ක්..සමස්තය 397ක්

පෙබ 15, 2021

    අද උදෑසන වන විට ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 802 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙක් ලෙස වාර්තා වෙයි. 

    ඉතිරි පුද්ගලයින් 801දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 238 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 162ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68ක් ලෙස වාර්ථා වෙයි.

    අනෙක් ආසාදිතයින් 333 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි.

    අද උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්රැන්ඩිස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 72,132 ක් වේ. ඉන් පුද්ගලයින් 67,302 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

    අද උදෑසන වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 75,653 ක් වන අතර ඉන් පුද්ගලයින් 68,695ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද (15) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,561 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 865ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    ගතවූ පැය 24 තුල කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් යාපනය, පේරාදෙණිය, මහවෙල, කුරුණෑගල, ගම්පොල, අංගොඩ සහ ගොතටුව යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (15) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 397ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අද (15) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 92ක් තුළ පුද්ගලයින් 9,089 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (14) දිනය තුල PCR පරික්ෂණ 16,866ක් සිදුකර තිබේ.

    Latest News