රාජ්‍ය සේවකයින්ටත් කොවිඩ් එන්නත සතිඅන්තයේ

පෙබ 18, 2021

    කොවිඩ් එන්නත ලබාදුන් ප්‍රදේශවල එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එළඹෙන සතිඅන්තයේ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    අද දිනයේ දීත් වයස අවුරුදු 30 ත් - 60ත් අතර කණ්ඩයේ සියලුදෙනාට එන්නත් ලබාගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන හා හංවැල්ල යන ප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, පානදුර, හොරණ හා මතුගම හා ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, මීරිගම, රාගම, ජා-ඇල, කැලණිය, කටාන දිවුලපිටිය හා දොම්පේ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ආවරණය වන පරිදි තෝරාගත් ග්‍රාමසේවා නිලධාරි වසම්වල එන්නත්කරණය සිදුකෙරේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 පෙබරවාරි 2021 12:02

    Latest News