මෙරටින් තවත් ආසාදිතයින් 514ක්

පෙබ 19, 2021

    මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 514 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 13 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 501 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 105ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 260 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩිස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 74,876 ක් වේ. ඉන් පුද්ගලයින් 70,429 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 78,419ක් වන අතර ඉන් පුද්ගලයින් 71,822ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,167 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    උදෑසන 6.00 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 647ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    මෙරටින් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 08 දෙනෙක් මියගොස් ඇත.

    ඔවුන් වත්තල, කෙසෙල්වත්ත, දෙමටගොඩ, මීගොඩ, රිදිමාලියද්ද, කොළඹ 08, කොළඹ 10 සහ දෙකටන යන ප්‍රදේශයින්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද  උදෑසන වනවිට මෙරටින් තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලයින් 9,268 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (18) දිනය තුල PCR පරික්ෂණ 15,386ක් සිදුකර ඇත.

    Latest News