චක‍්‍රලේඛය නිකුත් කරන තෙක් කොරෝනා මෘතදේහ භූමදානයට අවසර නෑ..වෛද්‍ය අසේළ ගුණවර්ධන

පෙබ 28, 2021

    කොරෝනා මෘතදේහ භූමදාන මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කෙරුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේළ ගුණවර්ධන මහතා පවසයි. මරණ භූමදානයට අවස්ථාව ලැබෙන්නේ , අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසුවයි.

    කොරෝනා මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා ඊට අදාළ විද්වත් කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණය ගැනුණු බවයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

    කොරෝනා මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් අවසන් චක‍්‍රලේඛය නිකුත් කෙරෙන්නේ භූමදානය සඳහා සුදුසු ස්ථාන හඳුනාගැනීමෙන් පසුව බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.

    ඒ සඳහා භූගත ජල මට්ටම් සලකා බලමින් සුදුසු ප‍්‍රදේශ හඳුනාගත යුතු බවයි, අසේළ ගුණවර්ධන මහතා පවසන්නේ.

    ඒ අනූව අදාළ අවසන් චක‍්‍රලේඛය නිකුත් කරන තෙක් කොරෝනා මරණ භූමදානයට අවසර හිමි නොවේ.

    Latest News