ඊයේ ආසාදිතයින් 802ක්.. කොළඹින් ආසාදිතයින් 238ක්

පෙබ 15, 2021

    ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 802ක්.

    එලෙස වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වන ආසාදිතයින් 238 දෙනෙක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනූව, මහරගම ප්‍රදේශයෙන් 16ක්, මට්ටක්කුලිය 12ක්, කුරුඳුවත්ත 11ක් ලෙස වාර්තා වී තිබේ.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 162ක් වාර්තා වී තිබේ. ඉන් ආසාදිතයින් 41ක් දෙනෙක් රාගම ප්‍රදේශයෙන් ද, වත්තල ප්‍රදේශයෙන් ආසාදිතයින් 12ක් හා ගනේමුල්ල හා කඩවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 10 දෙනා බැගින් වාර්තා වී තිබේ.

    මහනුවර දිස්ත්‍රික්කයෙන් 32ක්, කෑගල්ල 13ක්, අම්පාර 12ක්, ගාල්ල 14ක්, කුරුණෑගල 38ක්, මාතර 13ක්, මන්නාරම 11ක්, අනුරාධපුර 02ක්, මොණරාගල 06, හම්බන්තොට 03ක්, වව්නියාව 10ක්, මාතලේ 25ක්, රත්නපුර 45ක්, පුත්තලම 39ක්, නුවරඑළිය 38ක්, බදුල්ල 03, පොළොන්නරුව 06, ත්‍රිකුණාමලය 03, කිලිනොච්චිය 20ක් සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු වශයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.

    කළුතර දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේ දී ආසාදිතයින් 68 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් 13 දෙනෙක් බුලත්සිංහල ප්‍රදේශයෙන් ද, බේරුවල සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 12 දෙනා බැගින් සහ මතුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී ඇත.

    Latest News