සම්මැරීන් මගින් අත්ලාන්තික් සාගරය තරණය කරන මත්ද්‍රව්‍ය Associated Press

සම්මැරීන් මගින් අත්ලාන්තික් සාගරය තරණය කරන මත්ද්‍රව්‍ය

දෙසැ 10, 2019

    අත්ලාන්තික් සාගරය හරහා යාත්‍රා කර ස්පාඤඤයට ළගා වු කොලොම්බියානු සබ්මැරීනයක තිබී කොකේන් ටොන් 3 ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

    කොළොම්බියාවෙි සිට කිලෝමීටර් 7,690 ක් හෙවත් නාවික සැතපුම් 4,778 ක් මෙම සබ්මැරීනය යාත්‍රා කර ඇති අතර ස්පාඤඤ පොලිසිය විසින් ස්පාඤ්ඤ මුහුදු තීරයේදී පසුගියදා අත්අඩංගුවට ගැනිණ. එය ස්පාඤ්ඤ පොලිසියක් විසින් අත්අඩංගුවට ගත් ප්‍රථම මත්ද්‍රව්‍ය ප්‍රවාහන සබ්මැරීනයයි.

    Sub-2.jpg

    Sub-4.jpg

    අත්අඩංගුවට ගත් අවස්ථාවෙි සබ්මැරීනය තුල ඉක්වදෝර් ඡාතික මත්ද්‍රව්‍ය ප්‍රවාහකයෝ දෙදෙනෙක් සිට ඇති අතර ස්පාඤ්ඤ ජාතික තුන්වැන්නා පළා ගොස් ඇත.

    එම සබ්මැරීනයයේ දිග අඩි 65ක් වන අතර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඇ.ඩොලර් මිලියන 121 කි.

    Sub-3.jpg

    සබ්මැරීනය අත්ලාන්තික් සාගරය හරහා කොලොම්බියාවේ සිට යුරෝපයට යාත්‍රා කරමින් සිටියදී එය නිරීක්ෂණය කර තිබුණි. ස්පාඤ්ඤ පොලිසියට මෙි සබ්මැරීනය පිළිබදව තොරතුරු ලබා දී තිබුණේ පෘතුගාල පොලිසියයි.

    Latest News