ඒඩ්ස් රෝගීන්ගේ ඉහල යෑමක්

දෙසැ 01, 2018

    එච්.අයි.වී. ආසාදනය වී ඇත්දැයි, කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර වෙත යොමුවන ඕනෑම අයෙකුට සාමාන්‍ය ජිවිතයක් ගත කළ හැකි බව, සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

    ඒ අනුව, අවදානම ඇති සෑම අයෙකුම එච්.අයි.වී. රුධිර පරීක්‍ෂාවකට යොමුවීම අතිශය වැදගත්. ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. මෙරට වැඩිම එච්.අයි.වී.ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාවව ඉකුත් වසරේ වාර්තා වූ අතර, එම පිරිස 285ක්.

    මේ වසරේ ඉකුත් නොවැම්බර් දක්වා ආසාදිතයන් 310 දෙනෙකු වාර්තා වී තිබෙනවා. රෝගීන් වයස අවුරුදු 15ත්-49ත් අතර පසුවන්නන්. අවදානම් ලිංගික හැසිරීම් සහ රෝගය වැළැදී ඇති බොහෝ දෙනෙකු ඒ පිළිබඳ නිසි දැනුවත් භාවයක් නොමැතිවීම නිසා ප්‍රතිකාර වෙත යොමු නොවීම, රෝගය ව්‍යාප්තවීමට බලපා ඇති ප්‍රධාන සාධකයක්.

    එවැනි අවදානමකට ලක්වූ ගර්භනී කාන්තාවක නම්, එච්.අයි.වී. රුධිර පරීක්‍ෂාවක් මගින් ඒ බව තහවුරු කරගෙන දරුවාට වැළැදීම වළක්වා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

    ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් කොළඹ දී අද පැවැත්වුණා. කොළඹ මහ නගර සභාව අසලින් ආරම්භ වූ එය අවසන් කෙරුණේ, බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාව අභියසින්. දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 01 දෙසැම්බර් 2018 17:57

    Latest News