මහ වැස්සෙන් දියලුමට කළඑළියක්..

ඔක් 10, 2019

    ශ්‍රී ලංකාවේ දෙවනියට උසම දිය ඇල්ල වන දියලුම දිය ඇල්ලේ ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ.ඒ ඇල්ලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දින වල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන්.

    එම සුන්දරත්වය දැක බලා ගැනීම සදහා මේ දින වල සංචාරකයෝ විශාල වශයෙන් දිය ඇල්ල නැරඹීම සදහා පැමිණෙමින් සිටිති. බොහෝ සංචාරකයන් විසින් දියලුම ඇල්ලේ උඩු දියලුම වෙත ගමන් කරන අතර මේ දින එම උඩු දියලුම ප්‍රදේශය අවදානම් බව බදුල්ල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකය සදහන් කළේය .ඊට අමතරව ඇතැම් සංචාරකයන් විසින් දිය ඇල්ල අසලටම ගොස් ජායාරූප ලබා ගැනීම සහ ඉහල ප්‍රදේශය දිය නෑම සදහා යොදා ගන්නා අතර එවැනි කටයුතු කිරීමෙන් වලකින ලෙසද ආපදාකලමනාකරන ඒකකය ජනතාවට දැනුම් දෙයි.

    දියඇල්ලේ ජලපෝෂක ප්‍රදේශ වලට විශාල වර්ෂාපතනයක් ලැබුණ හොත් ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල යා හැකි බැවින් අවදානම් ලෙස දිය ඇල්ල අසලළ රැදී සිටිමෙන් වළකින ලෙසට ද බදුල්ල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකය ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 12:02

    Latest News