icc

බිඟුනද ගමේ කසාය බොන 'මී මැස්සෝ

ඔක් 03, 2019

    අතිතයේ සිටම අප මුතුන් මිත්තන් උනට සෙම්ප්‍රතිස්සාවට, ඇගපත අමාරුවට පස් පංගුව නැතහොත් කසාය ගෙන පත අට එකට සිදුවා පානය කිරිමට හුරු පුරුදුව සිටියහ. එසේම දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී දියවැඩියාවට පිළිකාවට මෙන්ම නොයෙක් ලෙඩ රෝග සදහා කසාය පානය කිරිම සිදු කරනු ලබයි.

    මිනිසුන් මෙන් තම රෝගීතත්වයන් සමනය කර ගැනිම සදහා කසාය බොන මී මැස්සන් ගැන ඔබ මිට පෙර අසා නැතුවාට සැක නැත. කසාය බොන මේ අපුරු මී මැස්සන් ගැන වර්තා වන්නෙ නුවරඑළිය, වලපනේ, නෙළුගහා බිඟුනද ආදර්ශ මී මැසි ගම්මානයෙනි.මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ තාක්ෂණික උපදෙස් මත මිට වසර තුනක පමණ සිට ක්‍රියාත්මක මෙම ගම්මානයේ මී මැසි ජනපද දෙසියක් පමන දිවි ගෙවනු ලබයි.

    අද වන විට විට‘ බිඟුනද මි පැණි’ වෙළද නාමය යටතේ දේශිය වෙළදපොළේ අතික්‍රමණය කොට ඇති නෙළුගහා මී පැණි නිෂ්පාදකයින්හට නොසිතු ගැටළුවකට මුහුණ පෑමට සිදුවන්නෙ තම මී මැසි ජනපද වාසස්ථාන හැර යැමට පටන් ගැනිම සහා පෙට්ටි තුල සිටින මී මැස්සන් තම කීටයන් සහ පිළවුන් පෙට්ටියෙන් ඉවතට ඇද දැමීමට පටන් ගැනීම නිසාය.

    මෙම සිදුවිමත් සමගම මී මැස්සන් මී පැණි නිෂ්පාදනය නොකරන තත්වයකට පත්ව ඇති අතර සමහර මී මැසි ජනපද තම රැජින අතහැර යැමටද පටන් ගෙන ඇත.මෙම අනපේක්ෂිත තත්වය පිළිබදව ප්‍රදේශය භාර කෘෂිකර්ම උපදේශක අමිත් කැකුලන්දර මහතාට දැනුම් දීමට ප්‍රදේශයේ මී මැසි පාලනයේ නියුතු තරුණයෙකු වන ලහිරු මධුෂාන් පියවර ගන්නෙ සිදුවන්නෙ කුමක්දැයි දැන ගැනිමේ අදහසිනි.

    ‘මට අපේ ඒ. අයි මහත්තයා කිව්වා මේක වෛරස් එකක් නිසා වෙන්නේ මම මේ ගැන දෙපාර්තමෙන්තුට දන්වලා තාක්ෂණික උපදෙස් ගන්න කියලා. ඒ වගේම මී මැසි ජනපද බලන්න අදාල නිළධාරින් ‍ඉක්මනින්ම ගෙන්වනවා කියලා. ඒ වෙනකොට මි මැස්සො පෙට්ටි වලින් පිළව් ඔක්කොම එලියට ගෙනත් දානවා. අනික මේ අය පරාග ගෙන්න යන්නෙත් නැහැ. පැණි හදන්නෙත් නැහැ. සමහාර ජනපද රැජින අතහැරලා යන්නත් පටන් ගත්තා’. මී මැසි පාලනය පිළිබදව බිදුනුවැව මී මැසි පරික්ෂණ මධ්‍යස්ථානයේ මනා පුහුණුවක් ලැබු ලහිරු පවසයි.

     ‘පස්සේ මම කල්පනා මෙක වෛරස් එකකින් නම් හැදෙන්නෙ අපි කරන්න ඕනේ මී මැස්සන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන එකනේ කියලා .මම අහලා තිබුනා ප්‍රතිජිවක ඖෂධත් දෙනවා කියලා . ඒ ඖෂධ ගැන දන්නෙ නැති නිසා මම කලේ කඩේ තියෙන කසාය පැකට් එකක් ගෙනත් එක පත අට එකට හින්දලා සීනි කොටස් තුනකට කසාය කොටස් එකක් කවලම් කරලා දිපු එක. එකෙන් පස්සේ නම් මේ ලෙඩේ සියයට හැත්තැපහාක් විතර හොදයි කියලා පෙනවා.’

    ලහිරුගේ කසාය සත්කාරයත් සමගම අදාල බළධාරින් මෙම රෝගි තත්වය පිළිබදව සොයා බැලීම සදහා නෙළුගහා ගම්මානයේ ක්‍රෙෂ්ත්‍ර චාරිකාවක් සංවිධානය කොට තිබුනි. ‘මේක සැකැබෲඩ්(sacbrood) කියන වෛරස් එක නිසා සිද්දවෙන දෙයක්. පිටරටවල් වල නම් මේ වෛයිරස් එක ආපුවාම කරන්නෙ කෘමි නාශකයක් ගහලා මී මැස්සෝ ටික මරලා ඒ අයත් එක්කම ඒ පෙට්ටිය පුච්චලා දාන එක අපේ වගේ රටක කරන්න බැහැනේ එක. ඒ නිසා අපිට ප්‍රතිජිවක ඖෂධ දෙන්න පුලුවන්. මේ මී මැසි ජනපද පරික්ෂා කරන කොට නම් පෙන්නෙ මේ අය දීලා තියෙන කසාය එකෙන් හොඳ ගුණයක් තියෙනවා කියලා.’මෙම ක්‍රෙෂ්ත්‍ර චාරිකාවේදී මී මැසි ජනපද පරික්ෂා කළ බිදුනු වැව මී මැසි පරිෂණ එකකයේ කෘෂිකර්ම උපදේශක ජයන්ත කත්‍රිආරච්චි මහතා ක්‍රෙෂ්ත්‍ර චාරිකාවට එක්ව සිටි නිළධාරින්ට පැවසිය.

     ‘මේ වෙනකොට වලපනේ, රාගල,නිල්දණඩාහින්න කෘෂිකර්ම උපදෙසක කොට්ඨාශවලින් මේ වෛරස් එක වාර්තාවෙලා තියෙනවා. ඒකට ප්‍රතිජිවක ඖෂධ දුන්නම වෙන්නෙ වෛරස්වලින් එන අතුරු අබාධ නැති වෙන එක. අපි මේ ගැන පරික්ෂණ කරනවා .ඒ වගේම මේ අය දිලා තියෙන කසාය නිසා මී මැස්සන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩිවෙලා තියෙනවා කියලා පෙනවා. අපි මී මැස්සන්ට කසාය දෙන එක ගැන මේ දවස්වල විද්‍යාත්මකව පරික්ෂා කරනවා. කසාය බොන මී මැස්සන් ගැන සොයා බල්නට පැමිණ සිටි විෂයභාර නිළධාරි බුද්ධික අතපත්තු මහතා පවසයි.

    ‘මේ කසාය එකට සීනි දැම්මට හරි තිත්තයි කටේ තියන්න බැහැ. ඒ වුනාට මී මැස්සෝ පැණිවලට වඩා ඉක්මණට කසාය නම් බොනවා.’ මී මැසි ජනපදයේ ඇතුලත තබා ඇති පිරිසියකට කසාය දමමින් ලහිරු පවසයි. මෙහි විද්‍යාත්මක පදනම කුමක්වුවත් ඔහු පවසන අයුරින් මී මැස්සන් ඉතා යුහුසුළුව කසාය බොන අයුරු නම් නෙළුගහා බිඟුනද මී මැසි ගම්මනයෙදි සියැසින්ම දැක ගත නම් හැකිය.

    වලපනේ හගුරන්කෙත කලාප භාර සහාකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා කමනි දෙවිකා මහත්මිගේ සංවිධානත්වයෙන් පැවති මෙම ක්‍රෙෂ්ත්‍ර චාරිකාවට මධ්‍යමපළාත් කෘෂි කර්ම ලෙකම් තුමිය මෙන්ම පලාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ප්‍රසන්න පල්ලෙමුල්ල මහතා ඇතුලු නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.

    23

    19311350040 b495e569fa b

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2019 12:55

    Latest News