වරාය අධිකාරියේ ජනක කාංචනගෙන් ගිනස් වාර්තාවක්

ඔක් 10, 2019

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජනක කාංචන මුදන්නායක මහතා අද ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබීය.

    ඒ, අයිස් කුට්ටි 50ක් අඩි 20ක උසක සිට තම උදරය මතට හෙලා කඩා දමමින්. ඔහු මේ වනවිට ගිනස් වාර්තා 5කට හිමිකම් කියයි. මෙම වාර්තාවට මෙතෙක් හිමිකම් කියනු ලැබුවේ ජපන් ජාතික සොසයි මටට්ටසු ඔසාමා මහතායි. ඔහු අයිස් කුට්ටි 30ක් තම උදරය මතට හෙලා ගනිමින් මෙම වාර්තාව තබා තිබිණ. ජනක කාංචන විසින් කිලෝ ග්‍රෑම් 370ක් බර කළු ගල් කුට්ටියක් තම උදරය මත තබා බර කිලෝ ග්‍රෑම් 50ක් වන අයිස් කුට්ටි 50ක් විනාඩි 38යි තත්පර 10ක් තුළ අඩි 20ක් සිට ඉහළ සිට තම උදරය මතට හෙළා, කඩා දමමින් මෙම වාර්තාව පිහිටුවනු ලැබීය.

     

    Latest News