සියදිවි නසාගන්නා දරුවන්ගෙන් 80%ක් හඳුනාගත හැකි මානසික රෝගීන්...

සැප් 06, 2019

    සියදිවි නසගන්නා හෝ දිවි හානිකර ගැනීමට තැත් කරන දරුවන්ගෙන් 60%ත් 80%ත් අතර ප්‍රමාණයක් හඳුනාගත හැකි කිසියම් මානසික රෝගී තත්වයකින් පෙළෙන බව, ළමා හා නව යොවුන්විය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ජයන්ත කොතලාවල මහතා පවසයි.

    ඔහු පවසන්නේ, දරුවන්ටත් මානසික රෝග වැළදිය හැකි බැවින්, දෙමාපියන් වැඩිහිටියන් හා ගරුවරුන් ඒ පිළිබඳ දැනුවත්ව සිටිය යුතු බවයි. පසුගිය වසරේ අවුරුදු 8ත් 25ත් අතර ළමා හා නව යොවුන් වියේ දරුවන් 600 දෙනෙකුට අධික පිරිසක් සියදිවි හානිකර ගෙන තිබේ. මිට බලපා තිබෙන්නේ, අදාර සබඳතා බිඳවැටීම,පාසල් මිතුරන් අතර ගැටුම්, දෙමාපිය ගැටුම්, විවිධ අතවර හා වෙනත් විවිධ හේතුයි. පර්යේෂණ වාර්තා අනූව, සෑම පාසල් සිසුන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුම මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ මැදිහත්වීම අවශ්‍ය මට්ටමක පසුවෙයි.

    එය මානසික රෝගයක් නොවුවද, මැදිහත්වීමක් අවශ්‍ය මට්ටමේ මානසික ගැටලුවක් හෝ ප්‍රශ්නයක්. දරුවන් විශාද තත්වයට මුහුණදෙන අතර, එහි රෝග ලක්ෂණ වැඩිහිටි රෝග ලක්ෂණයන්ට වඩා වෙනස්. එය හඳුනාගැනීම යම් දුරකට අපහසුයි. නව යොවුන් වියේ දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ද විශාදය නිසා ඇති විය හැකි බව, වෛද්‍යවරු පවසයි. එමෙන්ම, නව මාධ්‍ය හා ඉලෙක්ට්‍රොනික උපාංග අධික භාවිතය, ආතතිය,කාංසාව,විශාදයට බලපෑමක් සිදු කරන බවයි, වෛද්‍යවරු පවසන්නේ. දරුවන්ටත් මානසික රෝග වැළැදිය හැකි බැවින්, ඔවුන් අවමානයට ලක් කිරීම, කොන් කිරීම වළක්වා නිසි වෛද්‍ය උපදෙස් ලබා දීමෙන් ඔවුන්ගේ අනාගත ජීවිතය සුරක්ෂිත කරලීම අත්‍යවශ්‍ය කරුණක්.

    Last modified on සිකුරාදා, 06 සැප්තැම්බර් 2019 18:37

    Latest News