පාස්කු ප්‍රහාරය; ඩැනියෙල් හා අමෙලි වියෝවට සොහොයුරු ඩේවිඩ්ගේ ප්‍රතිචාරය

ජූලි 21, 2019

    පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් විදේශීය ජාතිකයන් රැසකට ද අමිහිරි මතකයන් රැසක් ඉතිරි කෙරිණ.

    ඇතැමෙකුට දූ දරුවන් මෙන්ම සිය ඥාතීන් අහිමි වුව ද ඔවුන් තවමන් ශ්‍රී ලංකාව පිළිබඳව පසුවන්නේ සුබවාදී ආකල්පයකින්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ ජිවිත නඟා සිටුවීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ අරමුදලක් ස්ථාපනය කිරීම ඊට කදිම නිදසුනක්. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය ජාතික මැතිව් ලින්සි සිය 19 හැවිරිදි ඩැනියෙල් සහ 15 හැවිරිදි අමෙලී ලින්සි සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියහ. සිය බිරිඳ ඇන්ජලීනාට ඊට එක්වීමට නොහැකි වූයේ රාජකාරි කාර්ය බහුලත්වය හේතුවෙන්. සරසවි අධ්‍යාපනය ලබන 21 හැවිරිදි වැඩිමහල් පුතු ඩේවිඩ් විභාගය හේතුවෙන් ඊට එක්වූයේ ද නැහැ. තම මව නොමැතිවීම නිසා පවුලේ බඩපිස්සා ලෙස සැලකෙන ඊතන්ට ද සංචාරයට එක්වීමට නොහැකි විය. ෂැංග්‍රිලා හෝටලයේ සිය උදෑසන ආහාරය ලබාගනිමින් සිටින අතරතුර නොසිතූ අයුරින් ඩැනියෙන් හා අමේලී බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූහ. මැතිව් ලින්සි වන පියා එම අවස්ථාව මාධ්‍ය හමුවේ විස්තර කර තිබුණේ මේ අයුරින්.

    මැතිව් ලින්සි...

    එය විස්තර කිරීමටත් අමාරුයි. හරියට මුහුදු රළක් එනවා වගේ. මටත් කලින් ඔවුන් උදෑසන ආහාරය සඳහා පැමිණියේ මටත් එක්ක ආහාර බෙදාගැනීම සඳහා. එවිට බෝම්බය පුපුරා ගියා. ඔවුන් මා දෙසට දිව ආවා. ඔවුන්ට සිහි නොමැතිවූවා. මගේ දියණිය සෙලවෙනවා වගේ මම දැක්කා. මගේ පුතා එහෙම නැහැ. කාන්තාවක් මගේ දියණිය පහළ ගිලන් රථයට රැගෙන යන්නම් කිව්වා. මට පුතා ගෙනයාමට උදව් අවශ්‍ය වුණා. කවුදේ කෙනෙකු මට උදව් කළා. ඔවුන් දෙදෙනාම රැගෙන ගියේ එකම රෝහලකට. එහි මිනිසුන් හරි උපකාරශීලියි).

    පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් තම නැගණිය සහ සොහොයුරා මෙලොව හැරගියද ඉන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් හරවත් යමක් කිරීමට මැතිව් පවුලේ වැඩිමහල් පුත් ඩේවිඩ් තීරණය කළේය. ඒ අනුවයි “දි අමේලි ඇන්ඩ් ඩැනියෙල් ලින්සි“ පදනම ස්ථාපනය කෙරෙන්නේ. ප්‍රහාරයෙන් විපතට පත්වූ මෙරට පවුල්වලට උපකාර කිරීම හා සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් පවුම් ලක්‍ෂ 5ක් එක්රැස් කිරීම අරමුණයි. අරමුදල් එක් රැස් කෙරෙන වෙබ් අඩවියේ, නැසීගිය සිය සොහොයුරා හා සොහොයුරිය වෙනුවෙන් ඩේවිඩ් සටහනක් තබා තිබුණේ මේ අයුරින්. ඉන් එක්රැස් කරගන්නා මූල්‍යාධාර රැගෙන ශ්‍රී ලංකා ජනතාව බැලීමට ඩේවිඩ් නුදුරේදීම මෙරටට පැමිණිමට නියමිතයි.

    Last modified on ඉරිදා, 21 ජූලි 2019 17:09

    Latest News