සහන් අතුරුදන්වී අදට වසරක්...දෙමාපියන් තවමත් හැඩූ කඳුලින්..

ජූලි 20, 2019

    බලන්ගොඩ, සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි සිටි සහන් කුමාර නැමති දහ හැවිරිදි දරුවා අතුරැදන් වී අදට වසරක් ගතව ඇතත් මෙතෙක් කිසිඳු තොරතුරක් අනාවරණය වී නොමැත. දරුවා අතුරුදන්වූයේ පසුගිය ජුලි මස 20 වැනිදා පස්වරුවේදී.

    සහන් කුමාරගේ පියා සමනලවත්ත ප්‍රදේශයේ කැළෑවකට දර කැඩිම සදහා ගොස් තිබුණා අතර දරුවා පාසල් අවසන් වී නිවසට පැමිණ තම පියා සොයා කැලයට ගොස් තිබුණි. එදින රාත්‍රිය වන තෙක්ම සහන කුමාර නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් පසුදින (21) ඔහුගේ මව්පියන් බලන්ගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබුණ.

    ඒ අනුව බලන්ගොඩ පොලිසිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා, ප්‍රදේශවාසින් ඇතුළුව රත්නපුර පොලිස් නිළ සුනඛයින්ද යොදා සමනලවත ප්‍රදේශයේ සහ කැලැවේ සතියක පමණ කාලයක් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණ. නමුත් ඔහු සම්බන්ධයෙන් කිසිම හෝඩුවාවක් අණාවරණය නොවීය.

    සහන් කුමාර අතුරැදන් වි වසරක් වන අද (20) දිනයේ ඒ පිළිබඳ තොරතැරැ සොයා අපි සහන් කුමාරගේ නිවෙසට ගියෙමු. සහන් කුමාර දරැවා එන තුරැ ඔහුගේ පියා, මව සහ එකම නැගෙණිය තාමත් හැඩූ කඳුලින් බලා සිටින ආකාරය බලන්ගොඩ සමනලවත්ත නිවසට ගිය අපිට දක්නට ලැබිණ.

    මේ සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියෙන් කල විමසිමක දී එහි උසස් නිළධාරියෙක් පැවැසුවේ අතුරැදන්ව සිටින සහන් කුමාර සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 14:41

    Latest News