උනහපුලුවාට උගේ පැටියා මැණිකක් (වීඩියෝ)

ජූනි 19, 2019

    උනහපුලුවාට උගේ පැටියා මැණිකක්. මේ, අපි කවුරුත් අසා තියෙන කියමනක්. උනහපුලුවා අද වනවිට වඳවී යාමේ දැඩි තර්ජනයකට ලක්ව සිටින සත්ව කොට්ඨාසයක් බවට පත්වී තිබේ.

    මේ අතර, පින්නවල සත්වෝද්‍යානයෙන් පසුගියදා උනහපුලු උපතක් පිළිබඳව වාර්තා විය. මෙරට ජීවත්වන ප්‍රයිමේටාවන් අතරින් ඉතා දුලබ සත්ව විශේෂයක් වන්නේ, උණහපුලුවා. දිවා කාලයේ අතුපතර සැඟවී සිටීම නිසා දැකගත හැකි වන්නේ කලාතුරකින්. ශ්‍රී ලංකාවේ රතු සහ අලු වශයෙන් උණහපුලුවන් වර්ග දෙකක් ජීවත්වේ. හෝර්ටන් තැන්නේ වෙසෙන උණහපුලු උප විශේෂය ලොව වඳවී යාමේ උග්‍රතම තර්ජනයට ලක්ව සිටින සතුන් 25 දෙනාගෙන් එක් කොටසක්.

    "මානවඩු - පින්නවල සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ....

    කුණාටුකාලවල දී ගස්වලින් වැටිලා කරදරවන තත්වයක් උද්ගත වෙනවා..වනාන්තර විනාශයත් එක්ක..වාසස්ථාන අහිමිවීමත් සිදුවෙනවා..මෙම සතුන්ගේ අස්තිවලින් ලාඳුරුවැනි රෝගවලට ප්‍රතිකාර කරන්න පුළුවන් කියලා මත ගොඩක් තියනවා..ඒ වගේ මිත්‍යා මත නිසත් ඒ ගොල්ලන් විනාශ වෙනවා..රූට දැක්කහම මේ ගොල්ලන්ව බව වෙනවා..ඒ වගේ වෙලාවට මෙම සතුන්ට පහර දෙන්න උත්සහ කරනවා..මෙම සතුන්ගේ ශරීර කොටස් විකුණන ජාවාරමක් ලංකාව තුල තියෙනවා..එම නිසා මොවුන්ට කරදරයක් සිදුවෙලා තියෙන අවස්ථාවක දී දැක්කොත් වනජීවී කාර්යාලයට බාර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.."

    මේ අතර, පින්නවල සත්වෝද්‍යානයේ පළමු උණහපුලු උපත පිළිබඳව පසුගියදා වාර්තා වුණා. පැටවා බිහිකර ඇත්තේ, රාණි නමැති උණහපුලු මවයි. ඒ සමඟ සත්වෝද්‍යානයේ උණහපුලුවන් ගණන 07 දක්වා ඉහළ ගොස් තිබේ. උණහපුලුවන් නැරඹීමට පැමිණෙන්නේ නම්, උදේ 10.00 ත් 12.00ත් අතර කාලයේදී හෝ පස්වරු 2.00ත් 3.00ත් අතර කාලසීමාවේදී පැමිණෙන ලෙස පින්නවල සත්වෝදයාන බලධාරීන් දැනුම් දෙයි.

    Last modified on බදාදා, 19 ජූනි 2019 20:00

    Latest News