සුවසැරියට අලුත් වෙනසක්

දෙසැ 13, 2023

    සුවසැරිය ගිලන්රථ සේවාව වඩාත් කාර්යක්‍ෂම කිරීම සඳහා නව යෙදවුමක් හඳුන්වාදී තිබෙනවා.  රෝගියා, රෝහල්ගත කිරීමට පෙර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ක්‍ෂණිකව ලබාදීම මෙහි අරමුණයි.

    නව යෙදවුම ඊයේ හඳුන්වා‍ දෙනු ලැබුවේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. මයික්‍රොසොෆ්ට් ආයතනය, මෙම තාක්ෂණික මෙවලම සුවසැරිය ගිලන්රථ සේවාවට ලබාදී තිබෙනවා.

    ගිලන් රථයේ සිටින තාක්ෂණික සේවා නිලධාරියා විසින් 1990  ගිලන්ථ සේවා මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරයාට රෝගියා ගැන තොරතුරු රූපවාහිනී තිරයක් ඔස්සේ මෙහිදී ලබා දෙනු ඇති.  එම තොරතුරු අනුව, රෝගියා, රෝහල් ගත කිරීමට පෙර වෛද්‍යවරයා විසින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සිදු කෙරෙනවා. 

    රෝගියා ගිලන් රථයට නංවා ගැනීමෙන් පසු රෝහල් ගත කරන තෙක් ඔහුගේ ජීවිතයේ සුරක්ෂිත කිරීමට මෙමගින් අවස්ථාව හිමි වනවා

    Latest News