නිල්වලා ගංගා ද්රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි පැය 24 තුළ මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන ලෙස එම නිවේදනයේ සඳහන් වනවා. විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ට මේ පිළිබඳ වඩාත් සැලිකිලිමත් වන ලෙස ද දැනුම් දී තිබෙනවා. Twitter