අද උතුම් ඉල් පුන් පොහෝ දිනයයි.

නොවැ 26, 2023

    වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි. එම උතුම් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

    1. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම.
    2. ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
    3. බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම.
    4. පසුවස් පවාරණය කළ යුතු දිනය වීම.
    5. චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම.
    6. අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම.

    යනාදී කරුණු රැසක්ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබෙනවා.

    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතෙරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙරට මෙන්ම ලොව පුරා සියලු බෞද්ධයෝ අද දිනයේ විවිධ පින්කම් වල නිරත වනවා.

    Latest News