ඉන්දියාව සඳ ආක්‍රමණය කරයි

අගෝ 23, 2023

    ඉන්දියාව සිය තුන්වන චන්ද්‍ර මෙහෙයුමේ වික්‍රම් ලෑන්ඩර් සහ ප්‍රග්‍යාන් රෝවරය සඳ මතට ගොඩබෑම අද පස්වරුවේ සාර්ථකව සිදුකෙරුණා.

    චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ සාර්ථක වීමත් සමග, සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට අභ්‍යවකාශ යානාවක් ගොඩබස්වන ලද පළමු රට බවට ඉන්දියාව පත්වුණා.

    මෙහෙයුම සාර්ථක වීමත් සමග, එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත ගවේෂණ යානයක් ගොඩබස්වන ලද සිව්වන රට වන්නේ ඉන්දියාවයි. දක්ෂිණ අර්ධ ගෝලයට අභ්‍යවකාශ යානාවක් යැවු පළවැනි රට ලෙස ද ඉන්දියාව වාර්තාගත වනවා. 

    මෙය ලොව ප්‍රධාන අභ්‍යවකාශ බලවතෙකු ලෙස ඉන්දියාව ඉදිරියට ගෙන යන ජයග්‍රහණයක් වන බවයි, එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ. බ්‍රික්ස් සමුළුවට  සහභාගි වීමට දකුණු අපිකාවේ ජොහැන්නස්බර්ග් නුවරට ගොස් සිටින ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මාර්ගස්ථ ක්‍රමයට එම මොහොත නැරබීමට එක්වුණා.

    චන්ද්‍රයාන්-3 සාර්ථක ගොඩබෑමක් සිදු කරන විට, නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා තිරය මත ඉන්දීය ධජයක් ලෙලවමින් සිටින දර්ශන ඉන්දීය මාධ්‍ය පළ කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චන්ද්‍රයාන් 3 මෙහෙයුමේ සාර්ථකත්වයට කැප වූ සියලු දෙනාට එහිදී සිය ස්තුතිය සහ ගෞරවය පුද කළා.   'චන්ද්‍රයාන් තුන'  චන්ද්‍ර "ගවේෂණය යානය" දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානයේදී ජූලි 14 දින සාර්ථකව අභ්‍යාවකාශගත කෙරුණා. ඊට, "LVM 3" රොකට්ටුවක් යොදා ගැනුනා.

    වික්‍රම් ලෑන්ඩර් සහ ප්‍රග්‍යාන් රෝවරය අද මෙරට වේලාවෙන් පස්වරු හය පසු වී විනාඩි කිහිපයක් ඇතුළත සඳේ දක්ෂිණ අර්ධලයට ගොඩ බැසීමට සමත් වුණා. අඳුරේ පවතින චන්ද්‍රයාගේ දක්ෂිණ අර්ධගෝලයේ ජල මුලශ්‍ර පිළිබඳ පරීක්ෂණ කිරීම සහ අනාගතයේදී සඳ මත මිනිස් වාසයට සුදුසු පරිසරයක් ති‌බේද යන්න සොයාබැලීම මෙහි අරමුණයි. වික්‍රම් ලෑන්ඩර් සහ ප්‍රග්‍යාන් රෝවරය  සඳ මත දින 14 ක් ග‍වේෂණ කටයුතුවල නිරත වනු ඇති. එම කාලයේදී සඳෙහි මූලද්‍රව්‍ය සංයුතිය පිළිබඳ දත්ත රැස් කරනු ඇති බවයි ඉන්දියානු අභ්යවකාශ පර්යේෂණ සංවිධානය පවසන්නේ.

    Latest News