චන්ද්‍රයාන් ලෑස්තියි, වික්‍රම් පින්තූරත් එවයි

අගෝ 23, 2023

    ඉන්දියාව සිය තුන්වන චන්ද්‍ර මෙහෙයුම සඳ මත පතිත කිරීමට තව ඇත්තේ පැයකිහිපයක් පමණි. “චන්ද්‍රයාන්-3” සාර්ථක වුවහොත්, සඳෙහි මෙතෙක්  ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩබස්වන පළමු රට ඉන්දියාව වනු ඇත.

     

    'චන්ද්‍රයාන්-3' නමින් හැඳින්වෙන චන්ද්‍ර "ගවේෂණය යානය" දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි එරට ප්‍රධාන අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානයේදී ජූලි 14 දින සාර්ථකව අභ්‍යාවකාශගත කෙරුණා. ඊට, "LVM 3" රොකට්ටුවක් යොදා ගැනුණා. මෙම ගවේෂණ යානය, අද දින මෙරට වේලාවෙන් පස්වරු 6.04 සඳේ දක්ෂිණ අර්දගොලයට ගොඩ බැසීමට නියමිතයි.

    සදාකාලික අඳුරේ පවතින චන්ද්‍රයාගේ දක්ෂිණ අර්ධගෝලය මත මිනිස් වාසයට සහාය විය හැකි ජල මුලශ්‍ර පිළිබඳ පරීක්ෂණ කිරීම සහ අනාගතයේදී සඳ මත මිනිස් වාසයට සුදුසු පරිසරයක් ති‌බෙදයන්න සොයාබැළිමටය.

    මෙහෙයුම සාර්ථක වුවහොත්, එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත ගවේෂණ යානයක් ගොඩබස්වන සිව්වන රට ඉන්දියාව බවට පත්වනවා.  එමෙන්ම, දක්ෂිණ අර්දගොලයට අභිවකාශයක් යැවු පළවැනි රට වන්නේ ඉන්දියාව ලෙස වාර්තා ගත වනවා.

    මෙය ලොව ප්‍රධාන අභ්‍යවකාශ බලවතෙකු ලෙස ඉන්දියාව ඉදිරියට ගෙන යනු ලබන පෙර නොවූ විරූ ජයග්‍රහණයක් ද වන බවයි, එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ. එරට ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම ක්‍රියාත්මක  කෙරුණේ, 2008 වසරේ දී. 2019 ජූලි  මාසයේ ක්‍රියාත්මක කෙරුණු දෙවන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම සාර්ථක වුණේ, අර්ධ වශයෙන්. එබැවින් සියලු දෙනාගේ අවධානය දැන් චන්ද්‍රයාන්-3 වෙත යොමු වී තිබෙනවා.  

    "චන්ද්‍රයාන් 3" ගවේෂණ යන්ත්‍රයේ බර කිලෝග්‍රෑම් 3,900 ක්.   එහි නිෂ්පාදිත මිල රුපියල් බිලියන 6.1ක් බවයි වාර්තා වන්නේ. මේ අතර ඉකුත් ඉරිදා දින ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය සඳ මතුපිට නවතම සමීප ඡායාරූප පෙලක් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.  ඒ ඉන්දියාව කක්ෂ ගතකළ චන්ද්‍රයාන් 03 සඳ ගවේශන යානයේ වික්‍රම ලෑන්ඩරය මගින් ගත් කලු සුදු ඡායාරූප චායාරුප පෙළක්.  මෙම ඡායාරූප මගින් සඳ මතුපිට ඇති පාෂාණ සහ ආවටවල සමීප දර්ශන නැරඹීමේ අවස්ථාවද උදාවනවා.

    Latest News