චන්ද්‍රයාන් 3 සූදානම්

අගෝ 22, 2023

    චන්ද්‍රයාගේ දක්ෂිණ අර්ධගෝලයට සඳ ගවේශණ යානයක් ගොඩබස්වන ලද ලොව පළමු රට බවට පත්වීමේ අරමුණින් ඉන්දියාව විසින් කක්ෂ ගත කළ චන්ද්‍රයාන් 3 සඳ ගවේශණ යානය නියමිත වේලාවට ගොඩබැස්වීමට සියල්ල සූදානම් බව, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවසනවා. 

    එහි පද්ධති නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන බවයි, එම සංවිධානය සඳහන් කරන්නේ. චන්ද්‍රයාන් 3 සඳ ගවේශණ යානයේ වික්‍රම් ලෑන්ඩරය මගින් ලබා ගත් සඳ මතුපිට නවතම කළු සුදු සමීප ඡායාරූප පෙළක් ද පසුගිය දා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබුවා.

    චන්ද්‍රයාන් 3 සඳ ගවේෂණ යානය හෙට දින ‍චන්ද්‍රයාගේ දක්ෂිණ අර්ධ ගෝලයට ගොඩබැස්වීමට නියමිතයි.

    Latest News