දියමන්තියකට පුරවැසිභාවය !

අගෝ 16, 2023

    ඉන්දියාවේ 77 වන නිදහස් දිනය යෙදී තිබුණු ඊයේ දිනයේදී ඉන්දීය සුපිරි නළු අක්ශේ කුමාර්ට අමතක නොවන තෑග්ගක් ලැබුණා.

    මෙතෙක් කැනේඩියානු පුරවැසියෙකු වූ අක්ශේට ඊයේ ඉන්දියානු පුරවැසිභාවය හිමි වුනා. මේ පිළිබඳව ඔහු ඊයේ සිය ට්විටර් ගිණුමේ සටහනක් ද එක් කර තිබුණා.

    ඔහුට ලැබුණු නිල රාජ්‍ය ලේඛන සමග ඡායාරූපයක් ට්විටර් වෙබ් අඩවියේ පළ කළ අක්ශේ Dil aur citizenship, dono Hindustani. Happy Independence Day! Jai Hind! යනුවෙන් සටහනක් එක් කර තිබුණා.

    ඊට අදහස් පළකළ බොහෝ දෙනෙකු ප්‍රකාශ කර තිබුණේ "අක්ශේ ඉන්දියාවට දියමන්තියක්" බවයි.

    කැනේඩියානු පුරවැසිභාවය නිසා ඔහු ඇතැම් අවස්ථාවල විවේචනයන්ට ද ලක්වුනා.ආක්ෂේ කුමාර් ප්‍රකාශ කර තිබුණේ මිනිසුන් තම “රටට ඇති ආදරය” ගැන ප්‍රශ්න කරන විට තමා කලකිරීමට පත් වූ බවයි.

    ඔහු 2019 දී ඉන්දියානු පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කර ඇතත්, COVID-19 වසංගතය හේතුවෙන් එම ක්‍රියාවලිය ප්‍රමාද වුනා.

    පංකජ් ත්‍රිපාති සහ යමි ගෞතම් ද රඟන අක්ෂේ කුමාර්ගේ "OMG" 2 පසුගිය සතියේ සිනමාහල්වල නිකුත් වුනා.

    Latest News