කලා වැව ළඟ අලි වලියක්....(වීඩියෝ)

සැප් 13, 2021
  • කලා වැව ආසන්නයේ අලි-ඇත් සටනක දුර්ලභ දර්ශනයක් අප වෙත වාර්තා වුනා.

    ඒ, කලාවැවේ ජල මටිටම පහල යාමත් සමගම නිර්මාණය වූ තෘණ භූමිවලයි. කලාවැවේ ජල මටිටම පහල යාමත් සමගම කලාවැව ජාතික වනොද්‍යානයේ වන අලින්ට ආහාරයට උචිත තෘණ භුමි වර්ධනය වි තිබේ. ඒ හේතුවෙන් ⁣අවට රක්ෂිතවල සිටින වන අලි හා ඇතුන් රංචු වශයෙන් ජලය හා ආහාර සොයා කලාවැව ජාත්ක වනෝද්‍යානයට පැමිණෙන බව වාර්තාවේ.

    මේ දිනවල වන අලි රංචු කිහිපයක අලි 300 කට ආසන්න පිරිසක් දැකගත හැකි බවත් සංචරණ සීමා පැවතිය ද අලි-ඇතුන් බැලීම සදහා සංචාරකයින් කලාවැව උද්‍යානයට පැමිණෙන බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

    ඔහු සඳහන් කරන ආකාරයට ඒ් අවස්ථාවේ ඇසල 2 නම් ප්‍රසිද්ධ ඇතා හා තවත් වන අලියෙකු සටන් වදින ආකාරය ඔහුගේ කැමරාවේ සටහන් වී තිබේ.

    මේ එම දර්ශන....

    Last modified on සදුදා, 13 සැප්තැම්බර් 2021 18:13

    Latest News