මෙවර විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවට

මැයි 17, 2021

    මෙවර විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා(Z) සමත් වූවාය.

    කොරෝනා අවදානම හේතුවෙන් මෙවර විශ්ව රූ රැජින තරගාවලිය පැවැත්වුණේ, වසරක ප්‍රමාදයකින් පසුවයි. එය 69 වැනි විශ්ව රූ රැජින තරගයයි. ඊට රටවල් 74කින් තරගකාරියන් ඉදිරිපත් වී සිටියාය. අවසාන වටයට 21දෙනෙකු තේරී පත්වූහ.

    ඉන් අවසන් තිදෙනා අතරට එක්වුණේ බ්‍රසීල, පේරු සහ මෙක්සිකෝ තරගකාරියන් තිදෙනායි. බ්‍රසීල තරගකාරිනි ජූලියා ගැමා දෙවැනි ස්ථානයට පත්වී ඇති අතර, තෙවන ස්ථානයට පත්වුණේ පේරු රාජ්‍යයේ ජැනික් මැසේටායි.

    කෙසේ වෙතත් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණු මියන්මාර තරගකාරිනියට හිමිවුණේ, හොඳම ජාතික ඇඳුමෙන් සැරසුණු යුවතියට හිමිවන කිරුළයි. එහිදී ද ඇය මියන්මාරයට මේ වනවිට උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් ගෝලීය අවධානය යොමු කරවනු ලැබුවාය.

    Latest News