දවසකට මුව ආවරණ මිලියන 6ක් ඉවතට

නොවැ 24, 2020

    කොවිඩ් - 19 වයිරස ව්‍යාප්තිය හමුවේ දිනකට පරිසරයට බැහැර වන මුව ආවරණ සංඛ්‍යාව මිලියන 06ක් බවත්, මුව ආවරණය බැහැර කිරීම ගැන නිසි පරිදි සෞඛ්‍ය උපදේශයක් මෙතෙක් ලබා දී නැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

    කොවිඩ් ආසාදිතයන්, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පලඳින පුද්ගලයන් වශයෙන් කොටස් තුනක පිරිස් මුව ආවරණ පලඳින බවත් ආසාදිතයන් හා ආශ්‍රිතයන් පලඳින මුව ආවරණ ඇතුළු අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කෙරේ.

    එහෙත් කිසිදු ආරක්ෂක පිළිවෙතක් අනුගමනය කරමින් අවිධිමත් ලෙස මුව ආවරණ පරිසරයට විසිකර දමන පුද්ගලයන්ද සිටින බව ඇමැතිවරයා කීය.

    Latest News