කොරෝනාවලින් බේරෙන්න අහසට යන මිනිස්සු...

අප්‍රේ 10, 2020

    කොවිඩ් 19 රෝගයෙන් බේරී සිටීමට යා හැකි හොඳම ස්ථානය කුමක්ද? රුසියානු ජාතික ගඟනගාමී ඇනටෝලි ඉවානිෂින්ට අනූව නම් එම ස්ථානය පිහිටා තිබෙන්නේ මහ පොළෙවේ නොවෙයි. අභ්‍යවකාශයේ..

    පෘතුවියට කිලෝමීටර 408ක් දුරින් අභ්‍යවකාශයේ කක්ෂගතව තිබෙන අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය සැලකෙන්නේ, මිනිසා විසින් මෙතෙක් නිර්මාණය කරනු ලැබූ විශාලතම අභ්‍යවකාශ ඉදිකිරීම ලෙසයි. එහි සේවය සඳහා පිටත්ව යන අලුත් කාර්ය මණ්ඩලය රුසියානු ගඟනගාමීන් දෙදෙනෙකුගෙන් හා අමෙරිකානු ගඟනගාමියෙකුගෙන් සමන්විත විය. කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වීම නිසා මතු වූ ගෝලීය තත්වයන්ගෙන් එම පිරිසට ද ගැලවීමක් ලැබුණේ නැහැ. දැඩි නිරෝධායනයකට හා සෞඛය නීතිවලට යටත්ව අභ්‍යවකාශ ගමන සඳහා සැරිසැරීමට ඔවුනට සිදු විය. තම ඥාතීන් හමුවීමට පවා ඉඩක් ලැබුනේ නැත.

    ගඟනගාමී කණ්ඩායම් මාස 6ක් අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිනවා. ඔවුන් රැගත් රුසියානු සෝයුස් රොකට්ටුව කසාක්ස්තානයේ පිහිටි බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඊයේ ගුවන් ගත කෙරිණ.

    එම යානය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 8.00ට පමණ ගඟනගාමීන් රැගත් යානය අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ විය. එහි සිටින කාර්ය මණ්ඩලය නව සාමාජිකයන් තිදෙනා පිළිගත්තේ මහත් හරසරින්. ඉඩ කඩ අඩු නිසා සමාජ දුරස්ථභාවය රැකීමට එහි ඉඩක් තිබුණේ නැහැ. ඒ වගේම පෘතුවියෙන් කිලෝමිටර 400ක් දුරින් පිහිටි නිසා කොරෝනා රෝග තර්ජනයක් ද නැහැ. මෙතෙක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගඟනගාමීන් තිදෙනා ලබන සිකුරාදා පෘතුවියට ළඟා වීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 10 අප්‍රේල් 2020 18:47

    Latest News