අහසේ දිස්වූ සුන්දර රෝස සඳ

අප්‍රේ 08, 2020

    මේ වසරේ දීප්තිමත් පුරසඳවන රෝස චන්ද්‍රයා දැක ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට ඊයේ රාත්‍රී අවස්ථාව උදාවිය.

    පූර්ණ චන්ද්‍රයා අද අලුයම වඩාත් පැහැදිලිව දර්ශනය වූයේ උතුරු පළාතටයි. එය රතු පැහැයෙන් යුක්ත වූ අතර, ප්‍රදේශයේ බොහෝ පිරිසක් රෝස චන්ද්‍රයා දැක බලා ගැනීම සඳහා එක්විය.

    මෙහිදී චන්ද්‍රයා වෙනත් දිනකට වඩා කිලෝමීටර 50,000ක් සමීපව දැක ගත හැකියි. එමෙන්ම, චන්ද්‍රයා වෙනත් දිනකට වඩා සියයට 14ක් විශාලත්වයකින් සහ සියයට 30ක් දීප්තිමත්ව දිස්වන බව ද තාරතා විද්‍යාඥයින් පවසයි. බුද, සිකුරු, අගහරු, බ්‍රහස්පති, සෙනසුරු යන ග්‍රහලෝක ද මෙහිදී වඩාත් පැහැදිලිව දැක ගත හැකියි. රෝස චන්ද්‍රයා නමින් හැඳින් වුවද, මේ චන්ද්‍රයා රෝස පැහැයක් නොගන්නා අතර, වසන්තය උදාවත් සමග ඇතිවන පළමු පුරහඳ එම කාලසීමාවේ පිපෙන රෝස පැහැති මල් වර්ග හේතුවෙන් එනමින් හඳුන්වයි.

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 18:30

    Latest News