සිව් වසරකට වරක් එන පෙබරවාරි 29 හැදෙන්නේ කොහොමද? (වීඩියෝ)

පෙබ 29, 2020
  • අවුරුදු 4කට පසුව උදාවන විශේෂ දවසක්‌ තමයි අද පෙබරවාරි 29 කියන්නේ. ඒ කියන්නේ මේ වසර අධික අවුරුද්දක්‌. ඒ අනුව මේ අවුරුද්දට දින 366ක්‌ තිබෙනවා.

    අධික අවුරුද්දක්‌ උදා වෙන්නේ කොහොමද ?

    සූර්යා වටා පෘතුවිය එක්‌ වටයක්‌ ගමන්‌ කිරීමට ගතවන කාලය දින 365ක්‌. එය සම්මත දින දර්ශනයට අනුව ඇති කරගත්‌ පොදු එකඟතාවක්‌ වුවත් සත්‍ය වශයෙන්ම පෘතුවියට සූර්යා වටා ගමන්‌ කිරීම සඳහා දින 365.242ක්‌ ගත වන බව චිද්‍යාඥයින්‌ සොයාගෙන තිබෙනවා. ඒ අනුව ආසන්න වශයෙන්‌ පෘතුවියේ පරිභ්‍රමණයට ගතවන කාලය දින 365.25ක්‌. එබැවින්‌ එම දින 0.25 සම්මත දින දර්ශනය අනුව ගණනය කිරීම ප්‍රායෝගික නොවේ. එබැවින්‌ වසර 04කට වරක්‌ එම දින 0.25 එකතු කොට
    අමතර දිනයක්‌ ලෙස යොදා ගැනීම සම්මත කරගෙන තිබෙනවා.

    වසර 4කට පසු එන අද දිනයේ උපන්‌ අයට ද එය විශේෂයි.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 20:28

    Latest News