සතොසෙන් එක්කෙනෙක්ට බිත්තර 30ක්

දෙසැ 21, 2023
    සතොස ශාඛා මගින් (21) දින සිට ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර රු.35/= බැගින් එක් පාරිභෝගිතයෙකුට බිත්තර 30 බැගින් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ස‍තොස අඩු මිලට බිත්තර අලෙවි කළ ද සෙසු ව්‍යාපාරික ස්ථානවලින් අඩු මිලට බිත්තර ලබා ගත නොහැකි බව, පාරිභෝගිකයින් පවසනවා. මේ සඳහා නියාමනයක් අවශ්‍ය බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

    දැනට වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වන්නේ, රුපියල් 60 ත් 65 ත් අතර මිලකටයි. බිත්තර නිෂ්පාදකයින් සහ ව්‍යාපාරිකයින් මිල වැඩි කිරීම ඊට හේතුවයි. මෙය පාලනය කිරීම සඳහා බිත්තර මිලියන 35 ක් ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒවා සතොස ඔස්සේ බෙදා හැරීමටයි, ක්‍රියා කර ඇත්තේ.

    Latest News