නව වසරේ ඉකුත් දින 4 තුළ සංචාරකයින් 11,000 කට වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇතිබව, සංචාරක අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලංකාව මේ වසරේ ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත (Wellness Tourism Destination 2021 ) 05 අතරට එක්ව තිබේ.

2005 අංක 38 දරණ සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක කටයුතු පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

කොවිඩ් වෛරසය හේතුවෙන් කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමෙන් පසු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

පවතින කොවිඩ් -19 හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා  හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය කටයුතු කර තිබේ. සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයක් බැවින් අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට කියයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නියමු ව්‍යාපෘතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට අවධානය යොමු වේ.

සංචාරක අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නියමු ව්‍යාපෘතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය අවසරය ලබා දීමේ වැඩසටහනක් මෙම මස 26 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

සංචාරක අමාත්‍යවරයා විසින් සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදුව, වත්මනේ ශ්‍රී ලංකාව තුළ සහ ගෝලීයව පවතින COVID – 19 වෛරස ව්‍යාප්තියත් විශේෂ අවධානයට හා සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් සහ අවවාද මත එම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම මස 26 වැනි දා සිට ජනවාරි මස 19 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට සියල්ල සුදානම් කොට තිබෙන බව ද ප්‍රකාශ කළේය.

එම කාලය තුළ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් සහ ගුවන් සේවා නැවත ගෙන්වා ගැනීම පිණිස විශේෂ සහනයක් ලබා දීමට කටයුතු කෙරෙන අතර කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන්තොටුපොළවලට විදේශ ගුවන් සේවා විසින් පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩබෑමේ සහ නවතා තැබීමේ ක්‍රියාවලිය සඳහා එකී කාලය තුළ ගාස්තු අයකිරීමක් සිදු නොකෙරෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග ක්‍රීඩාව පදනම් කර ගත් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා සංචාරක, ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් සැකසේ.

වසර 36කට පසු ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රථම වරට අනුග්‍රහනයක් ලබාදුන්නේ වත්මන් රජයයි - සුපිරි ධාවන ශූර ඩිලන්ත මාලගමුව

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක කේෂ්ත්‍ර‍යේ නියුතු වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවල ඇරඹේ.

ස්පාඤ්ඤය වෙත පැමිණෙන සංචාරකයන් සඳහා පණවා තිබූ නිරෝධායන නීති ලිහිල් කිරීමට එරට රජය ඊයේ තීරණය කළේ.

Latest News